Rice Milling Solutions in Sri Lanka | Bühler Group
top of page
rice person.jpg

Siam Parboiled - තායිලන්තයේ උසස් තත්වයේ සහල් මධ්‍යස්ථානය

තායිලන්තයේ Siam Parboiled Rice විසින් එහි සහල් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපනයනය කරනු ලැබේ. වඩාත් ඵලදායී ලෙස නිෂ්පාදනය කිරීම සහ ඔවුන්ගේ සහල් ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා ඔවුන් සිය මුළු යන්ත්‍රාගාරය සඳහාම ප්‍රධාන සේවා සැපයුම්කරුවෙකු ලෙස Bühler තෝරා ගෙන ඇත.

ඔවුන්ගේ සහල් ඇඹරීමේ යන්ත්‍රාගාරයට දිනකට ටොන් 2000 ක් වියළා නිෂ්පාදනය කිරීමට සහ පැයකට ටොන් 80 ක ඇසුරුම් කිරීමට ද හැකියාව ඇත.

වී පිරිසිදු කිරීම සහ සහල් නිෂ්පාදනයේ අනාගතය සඳහා තාක්ෂණ දැනුම
#FeedingAsia

වී පිරිසිදු කිරීම සහ සහල් නිෂ්පාදනයේ අනාගතය සඳහා තාක්ෂණ දැනුම
#FeedingAsia

About

අපි Bühler පවුලේ සාමාජිකයෝ

තිරිඟු, වී, බඩ ඉරිඟු ඇතුළුව වෙනත් බොහෝ ධාන්‍ය වර්ග සැකසීමේ‍ වසර 150 කට වැඩි පළපුරුද්දක් සහ රටවල් 140 ක ගෝලීය සහභාගීත්වයක් ඇති Bühler ගෝලීය අත්දැකීම්වලට කිසිවෙකුට සම විය නොහැක. විවිධ සහල් වර්ග වල සියලුම ක්‍රියාවලි අවශ්‍යතා සඳහා, ආසියාව පුරා වීසිරී ඇති අපගේ සහල් විශේෂඥයින් ඔබේ සහල්  මෝල උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරවීම සඳහා හොඳම යන්ත්‍ර, සේවා සහාය සහ අමතර කොටස් තෝරා ගැනීම සදහා උපදෙස් දීමට සැදී පැහැදී සිටී.

Solution

අංග සම්පූර්ණ සහල් සැකසූම්‍ විසඳුම UniLine 5-8-10tph

බාධාවකින් තොරව කුඩා ධාරිතාවකින් යුත් දේශීය හෝ කාබනික වී  වර්ග ඇඹරීම සදහා, සම්පූර්ණ සහල් මෝල් විසඳුම. ‍

UniLine සහල් මෝල් යනු සියල්ල ඇතුළත් උපකරණ පැකේජ වන අතර ඒවා ඇණවුම් කර සති 18 ක් ඇතුළත ස්ථාපනය කර ක්‍රියාත්මක කළ හැකිය. ධාරිතා විකල්ප 3 කින් ලබා ගත හැකිය: පැයකට ටොන් 5 ක් (5t/h), 8 ක් (8t/h) සහ 10 ක් (10t/h).

ඔබේ සහල් මෝල සඳහා අනිකුත් තාක්ෂණික විසඳුම්

කුඹුරේ සිට ආහාරය දක්වා සම්පූර්ණ සහල් විසඳුමක් ලබා දෙන එකම විසඳුම් සපයන්නා Bühler වේ. අපේ තාක්ෂණය සහල් සහ වී සැකසුම් ක්‍රියාවලියේ සම්පූර්ණ පරාසය ආවරණය කරයි; එනම්,  වී පෙර-පිරිසිදු කිරීමේ සහ ගබඩා කිරීමේ පටන් හලරය, පොලිසරය, සුදු-පැහැ ගන්වනය, සහ දෘෂ්ටිමය තෝරනය (කලර් සේාටර්) සහ ඇසුරුම්කරණය දක්වා.

Success Story

සහල් සඳහා නවතම Bühler DS-C Optical Sorter (කලර් සේාටර්)

සහල් වර්ග කිරීම සඳහා විශේෂයෙන් සාදන ලද, Bühler DS-C දෘෂ්‍යමය තෝරනයේ වෙනස් කළ හැකි RGB පූර්ණ වර්ණ කැමරාවක්, සහ ඉජෙක්ටර සඳහා වසර 5 ක වගකීමක් ඇත.

සහතික කරන ලද ස්ථාවර කාර්ය සාධනය සමග වසර ගණනාවක විශ්වසනීයත්වය ලබා දෙන DS-C සැලසුම් කර ඇත්තේ ලන්ඩනයේ Bühler Sortex කණ්ඩායම විසිනි. එය ගොඩනඟා ඇත්තේ අපේක්‍ෂාවන් අභියෝගයට ලක් කිරීම සඳහා වන අතර, එහි නම්‍යශීලීභාවය සහ තීරක AI ™ වර්ගකරණ පද්ධතිය මගින් දේශීය හා අපනයන වෙළඳ පොළ ප්‍රමිතිවලට අනුකූල වන පරිදි එය සකස් කළ හැකිය.

ගනුදෙනුකරුවන් Bühler තෝරා ගන්නේ ඇයි

Siam Parboiled - තායිලන්තයේ උසස් තත්වයේ සහල් මධ්‍යස්ථානය

තායිලන්තයේ Siam Parboiled Rice විසින් එහි සහල් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපනයනය කරනු ලැබේ. වඩාත් ඵලදායී ලෙස නිෂ්පාදනය කිරීම සහ ඔවුන්ගේ සහල් ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා ඔවුන් සිය මුළු යන්ත්‍රාගාරය සඳහාම ප්‍රධාන සේවා සැපයුම්කරුවෙකු ලෙස Bühler තෝරා ගෙන ඇත.

ඔවුන්ගේ සහල් ඇඹරීමේ යන්ත්‍රාගාරයට දිනකට ටොන් 2000 ක් වියළා නිෂ්පාදනය කිරීමට සහ පැයකට ටොන් 80 ක ඇසුරුම් කිරීමට ද හැකියාව ඇත.

පීටී හරපන් ජය පන්ගන් - ඉන්දුනීසියාවේ ඉහළම තත්ත්වයේ සහල්

සහල් වෙළඳ පොළේ වෙළඳ පොළ තරඟකාරිත්වය වැඩි වීම යනු සහල් මෝල්වල සහල්වල ගුණාත්මකභාවය නිතර වැඩි දියුණු කිරීමට සිදුවීමයි. PT Harapan Jaya Pangan විසින් වී පිරිසිදු කිරීමේ සිට වර්ණකරණය දක්වා (කලර් සේාටර්) , Bühler සහල් විසඳුම් තෝරා ගෙන ඇත්තේ උසස් තත්ත්වයේ සහල් ලබා ගැනීම සඳහාය.

PT Harapan Jaya Pangan විසින් වියළි වීවලින් පැයකට ටොන් 8 ක් දක්වාත්, සහල් පැයට ටොන් 5 ක් දක්වාත් සකසනු ලැබේ.

Al Dahra - අබු ඩාබියෙන් උසස් තත්වයේ සහල්

Al Dahra Rice Mill ගල්ෆ් කලාපයේ විශාලතම හා එකම කර්මාන්තශාලාව සඳහා ආයෝජනය කර ඇති අතර, එහි ඉහළ ආහාර සුරක්ෂිතතා ප්‍රමිති සහ උසස් තත්ත්වයේ සහල් සැකසුම් සඳහා Bühler’s Ultra Line  තෝරා ගෙන ඇත.

Al Dahra Rice Mill මෝලේ ධාරිතාව පැයට මෙට්‍රික් ටොන් 18 ක් දක්වා ළඟා වේ. ඔවුන්ගේ ධාන්‍යාගාර (Silo / සයිලෝ) 40 න් සෑම එකකම සහල් ටොන් 750 ක් ගබඩා කළ හැකිය.

ඔබේ දේශීය සහල් විසඳුම් සපයන්නා: Amrith Gardihewa / අම්රිත් ගාර්දිහේවා

කොළඹ පදනම් වී සිටින අම්රිත් ගාර්දිහේවා (Amrith Gardihewa) ශ්‍රී ලංකාවේ වී සහල් සැකසුම් ව්‍යාපෘති පිළිබඳ දැනුම ඇත්තෙකි. මේ දක්වා ඔහු වී වියළීම, සහල් කෙටීම හා කලර් සේාටර් ක්‍රියාවලි සඳහා සහල් මෝල් කිහිපයක ව්‍යාපෘති සම්බන්ධීකරණය කර ඇත. පාර්බොයිල්ඩ්, කැකුළු, නාඩු, කීරි සම්බා ඇතුළු සහල් වර්ග පිළිබඳව ඔහුට වෘත්තීය දැනුමක් ඇත. ශ්‍රී ලංකාවේ වී සහ සහල් කෙටීමේ‍ අවශ්‍යතා පිළිබඳව විමසීමට ඔබේ දේශීය සහල් සහකරු Amrith අමතන්න.

Sri Lanka.png
Contact Us
bottom of page